මානවරූපි රොබෝවරු නිපදවීමට සැරසෙන Elon Musk ...
By Parami Dissanayake
Tesla සමාගමේ ප්‍රධානී Elon Musk විසින් පවසා සිටින්නේ, ලබන වසරේ සිට මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ කරන බවයි.
මුලින්ම, ටෙස්ලා විසින් රොබෝවරු භාවිතා කරන බවත් එය 2026 දී විකිණීමට පටන් ගන්නා බවත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත.
එමෙන් ම, ඔප්ටිමස් නම් රොබෝවරයා මේ වසර අවසන් වන විට ටෙස්ලා කම්හල්වල භාවිතයට සූදානම් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Elon Musk මීට පෙර පවසා ඇත.