බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් ජනපති රනිල්ට හදිසියේම පණිවිඩයක්

By Sewvandhi Aug 03, 2022 03:37 PM GMT
Report

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පළකර තිබෙනවා. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය කාලය තුල දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බවට මහ රැජිණ ප්‍රකාශකර ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා තම සුබ පැතුම් එක්කරන බව ද දෙවන එළිසබෙත් මහ රැජිණ සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery