තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබුවෝ...

By Parami Dissanayake Aug 20, 2024 03:01 PM GMT
Report

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම ඉල්ලුම් පත්‍ර අතරින් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති අතර, තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ, 712,321 දෙනෙකු බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මාලිමාවෙන් සහ ආණ්ඩුවෙන් කොච්චර බැන්නත් චමුදිත යළි එකට එයි..ලංකාවේ ජනප්‍රියම නිවේදකයා වූ හැටි මෙන්න..සියලු විස්තර මෙතනින් බලන්න(VIDEO/PHOTOS)

මාලිමාවෙන් සහ ආණ්ඩුවෙන් කොච්චර බැන්නත් චමුදිත යළි එකට එයි..ලංකාවේ ජනප්‍රියම නිවේදකයා වූ හැටි මෙන්න..සියලු විස්තර මෙතනින් බලන්න(VIDEO/PHOTOS)

එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමු කිරීමට නියමිත ය.

ඒ අතර සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.