දුම්රියේ ගැටී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි
දුම්රියේ ගැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් අද (13) උදෑසන මනම්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
ඒ පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසිනි වනජීවී නිළධාරීන් මීට දින දෙකකට පමණ ඉහතදී මෙම වන අලියා දුම්රියේ ගැටී මිය යන්නට ඇති බව සැක පළ කරයි.
වනජීවී නිළධාරීන් සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයේ සැරිසැරූ වයස අවුරුදු 8-10 ත් අතර වයසේ පසුවන අඩි 06 ක් පමණ උසකින් යුත් අලියෙකු වන බවයි.
තවද මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මනම්පිටිය පාලමට ආසන්නයේ 164 3/4 දුම්රිය සැතපුම් කණුව අසලදී මෙම වන අලියා දුම්රියේ ගැටී මියගොස් ඇත.
අලි දුම්රියේ ගැටීමෙන් මෙම කලාපය තුළ මියගිය සිව්වන වන වන්නේ මෙම අලියා වේ ඒ වගේම වනජීවී නිළධාරීන් සදහන් කළේ මෙම වන අලියා දුම්රියේ ගැටුනු බව දුම්රියේ රියදුරු දුම්රිය ස්ථානයට හෝ යම් දැනුවත් කිරීමක් කලේ නම් අලියාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බවයි .
ප්‍රදේශයේ ගවයින් රැකබලා ගනු ලබන පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව දුම්රියේ ගැටී මියගිය වන අලියාගේ සිරුර සොයාගන තිබුණි.
මෙලෙස මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය, සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිළධාරීන් විසින් සිදු කිරීමට නියමිතව තිබේ
ඒ වගේම පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.