විදුලි බිල වැඩි වෙන්නේ 5%කට විතරයි.. ඒකට කලබල වෙන්න එපා - ඇමති සමන්ත කියයි

Report

වත්මන් ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු මෙන් නොව, විදුලි ගාස්තු සංශෝධනය මගින් මෙරට අති බහුතර පාරිභෝගික ජනතාවට උපරිම සහනයක් ලබාදීමට කටයුතු කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලවල සිදු වූ විදුලි ගාස්තු ඉහළ දැමීම් හේතුවෙන් ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් ජනතාව, ස්වයං රැකියාවල නියුතු පිරිස් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි පීඩාවට පත්වූ බවයි.

එහෙත් මෙවර ගාස්තු සංශෝධනයේදී එම අඩු ආදායම් හා මධ්‍යම ආදායම් ජන කොටස්වලට බරක් නොවන පරිදි රජය කටයුතු කර ඇති බව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම මසකට විදුලි ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට මෙම මිල සංශෝධනය කිසිදු ආකාරයකින් බල නොපාන බවද ඔහු පැවසීය.

මේ අයට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් ක්‍රමයක්

මේ අයට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් ක්‍රමයක්

මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%ක් පමණ මෙම ඒකක 180 සීමාවට අඩුවෙන් පරිභෝජනය කරන බැවින්, එම බහුතර ජනතාවට මෙම ගාස්තු වැඩිවීමෙන් කිසිදු බරක් නොපැවරෙන බවත්, සංශෝධනය බලපාන්නේ ඉතිරි 5%ක පාරිභෝගික පිරිසකට පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛනිජ තෙල් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම රජයේ විදුලි හා බලශක්ති ආයතනවලට විශාල පාඩුවක් බවද ඔහු පෙන්වා දුන්නේය. එම රාජ්‍ය ආයතන ජනතාව සතු සම්පත් බැවින් ඒවා ආරක්ෂා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව ජනතාවට සාධාරණයක් ඉටු කරමින් රාජ්‍ය ආයතන පාඩු නොවන පරිදි කළමනාකරණය කරගැනීමේ අරමුණින් මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්

ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි