ඔබත් විදුලි බිල අඩු වෙනකන් නේද බලන් ඉන්නේ.? විදුලි බිල අඩු වන දිනය ගැන ආරංචියක්.
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුමැතිය ලබාදීම ලබන මස මැද භාගයේදී සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.
එමෙන්ම විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පළමුවෙන්ම මහජනතාවගේ අදහස් ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ තීරණය විදුලි බල මණ්ඩලයට දැනුම් දෙන බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසනවා.
ඒ, අනුව විදුලි ගාස්තු ලබන මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළා.