විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද කරන්න යන දේ..නව ආණ්ඩුව විදුලි බිල අඩු කරයි?..
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද (28) දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
මේ වසරේ තුන්වැනි කාර්තුමය සමාලෝචනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව එම කොමිෂන් සභාවට පසුගිය දා ඉදිරිපත් කර තිබුණා.
යෝජිත සමාලෝචනයන් අද දිනයේ දී මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි, මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ.
ඒ අනුව කොමිෂන් සභාවට අමතර සංශෝධන අවශ්‍ය නම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ලිපියක් මඟින් දැනුවත් කිරීමට නියමිතව ඇත.