අද විදුලි බිල අඩු කිරීම ගැන රටටම විශේෂ දිනයක් වෙයි..
විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම ආරම්භ කිරීමට නියමිත බවත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවධාරණය කර සිටිනවා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර ඇත්තේ, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනා බාරදීම සඳහා අද (17) දක්වා කාලය ලබාදෙන ලෙසයි.
අදාළ යෝජනා මැයි මාසයේ 01 වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණ ද විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පසුගිය 10 වෙනිදාද ලංකා විදුලි බල මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බවයි,එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.