විදුලිය පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්..විදුලි බිල අඩු කරගන්න මේදේ කරන්න..
වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කර සිටිනවා.
එමෙන්ම, එම අධිකාරිය කියා සිටියේ, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80ත් 120ත් අතර විදුලි ධාරිතාවක් වැය වන බවත්, නවීන තාක්ෂණයෙන් සකස් කරන ලද එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර භාවිතයේදී වැය වන්නේ වොට් 40ක පමණ විදුලි ධාරිතාවක් බවයි.
සකසුරුවම වැදගත් වූවද, පැරණි ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර භාවිතය නිසා මාසිකව විශාල මුදලක් විදුලි බිලට වැය කිරීමට සිදුවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
පැරණි ශීතකරණය ලබාදී නව ශීතකරණයක් මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් මාසයකට ඒ සඳහා වැය වන්නේ විදුලි ඒකක 30ක පමණ ප්‍රමාණයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
විදුලි ගාස්තු සංශෝධනයත් සමග මෙරට නිවාස මිලියන දෙකක පමණ මාසික විදුලි බිල රුපියල් 4000 ඉක්මවා ඇතැයි අනාවරණය ඇත.
විදුලි ගාස්තු සංශෝධනයට පෙරදී මෙම නිවාසවල මාසික විදුලි බිල රුපියල් 200ත් 300ත් අතර වූ බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවධාරණය කළේය.
මේ හේතුවෙන් රටේ බලශක්ති දරිද්‍රතාවක් පවතින බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා පැවසුවේ.
තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විමධ්‍යගත පුනර්ජනනීය බලශක්ති දායකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ 07, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති වැඩමුළුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
මෙම වැඩමුළුව ඒකාබද්ධ සංවර්ධන සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පවත්වන ලදී.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, නිෂ්පාදන වියදමෙන් 10%කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට යම් ආයතනයකට සිදුවන්නේ නම් එහි බලශක්ති දරිද්‍රතාවක් පවතින බවයි.
මෙරට ජනගහනයෙන් සියයට පහක් පමණ වහළය මත සූර්ය පැනල සවිකරගෙන තිබෙන බවද, එය සංඛ්‍යාත්මකව පනස් දහසක්(50000) පමණ වන බව ඔහු පැවසීය.
නිවාසවල සූරිය පැනල සවි කිරීමට අදාළව අඩු පොළී අනුපාතයන් යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 87 ක ණය මුදල ලබාදීමද මේ වන විට නතරවී ඇති බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රකාශ කර සිටියේ.