විදුලි ගාස්තුව අඩු කරයි?..මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්..
නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව නව විදුලි ගාස්තු ලබන ජූලි මස 01 වනදා සිට බලාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නව විදුලි ගාස්තු සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු යෝජනා කර තිබුණා.
එම යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැනගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ කිරීමට නියමිත බවද වාර්තා වනවා.
ඒ අනුව ලබන ජුනි මස 01 වනදා මණ්ඩලය යෝජිත ගාස්තු සහ කොමිෂන්මේ ප්‍රතියෝජනාව ප්‍රසිද්ධ කරන බව එහි සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළා.