පුළුවන් නම් සිලින්ඩරයක් රැගෙන එන්න - ඡන්ද උණුසුම මැද ලැබුණු අලුත්ම අභියෝගය..
දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා පැවසුවේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් ජයග්‍රහණය කර ඇති බවයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්, මනෝ ගනේෂන් මහතා ඒ බව කියා සිටියා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුළුවන් නම් සිලින්ඩරය රැගෙනවිත් නාවලපිටිය නගරයේ ව්‍යාපාරයක් කරන ලෙසට තමන් අභියෝග කරන බවයි, මෙහිදි අදහස් දැක් වු මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.
එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදු කිරිමට නොහැකි බවද මනෝ ගනේෂන් මහතා පැවසිය.
වතු කම්කරුවන්ට රු 1700 දෛනික වැටුපක් ලබාදෙන බවට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත්, එම වැටුප මේ වන විට රු 1350 දක්වා අඩු කර ඇතත්, එයද මෙතෙක් ලැබි නොමැති බවයි මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටියේ