පළාත් පාලන ඡන්දය ගැන ඇහෙන අලුත්ම ආරංචිය..ඡන්දය තවත් කල් යයිද..
අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ,රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ආරම්භ විය.
මෙම පෙත්සම් විභාගය පැවැත්වුණේ, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය.
අද දින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තැබීය. එදින පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු දැක්වීමටද නියමිතය.
මෙම පෙත්සම් ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පිරිසක් විසිනි.
පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ කල්දමා තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලුතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
………………………………………………
You may like this video 👇