පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

Report

 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 121ක් වාර්තා වී ඇත. ඉන් පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර පැමිණිලි 26ක් වෙනත් සිදුවීම් සම්බන්ධ පැමිණිලි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

මේ අතර පසුගිය මාර්තු මස 20 වැනිදා සිට ඊයේ (18) දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 1,712ක් ලෙස වාර්තා වී තිබේ. ඉන් පැමිණිලි 1,577ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 126ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09ක් ලෙසත් වාර්තා වී ඇත. ලද පැමිණිලි සංඛ්‍යාවෙන් මේ වන විට පැමිණිලි 1,506ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 206ක් විසඳමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මීට අමතරව දේශපාලන පක්ෂ ආධාරකරුවන් 68 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය. පසුගිය මාර්තු මස 03 වනදා සිට ඊයේ (18) දිනය දක්වා වු කාලය තුළ පළාත් පාලන මැතිවරණයට අදාලව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි 198 කට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අදාළ පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 44 ක් වන බවද පොලිසිය පැවසීය.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු