පළාත් සභා මැතිවරණය සූදානම් - මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව ප්‍රකාශ කර ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී කොමිසමේ සාමාජිකයින් විසින් මෙම ස්ථාවරය ප්‍රකාශ කරන ලදී. ඊයේ (22) මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කමිටුව හමුවට කැඳවා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය බාධක දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පරීක්ෂා කර වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබා දීම තේරීම් කාරක සභාවට පැවරී ඇත.
අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව මෑතකදී පත් කරන ලදී.