මියගිය ජනපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් ආදේශකයෙක් - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..!
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් මේ වන විට ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති බවයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බවය. එම නිසා ඊයේ(22) දිනයේ හදිසි හෘදයාබාධයකින් මියගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන අතර ඔහු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කලහොත් හැකියාව පවතින බව සමන් ශ්‍රී රත්නායක කියා සිටියා.
මේ අවස්ථාවේදී 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් ඉවත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කල නොහැකිය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිහිපත් කර සිටියේ මීට පෙර ද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වු ගාමිණි දිසානායක බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පසු ඒ වෙනුවෙන් ආදේශකයක් ලෙස ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ඉදිරිපත් කර සිටියා.