ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!
Election Commission of Sri Lanka
Election
Local government Election
Sinhala news
By Shehan
පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ සියලුම ප්රචාරක කටයුතු එළඹෙන මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව මැයි 03 වැනිදා සිට මැතිවරණ දිනය දක්වා වන කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම මේ වන විට අද (29) දිනය දක්වා සිදු කර ඇති බවත්, ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති අයෙකුට මැයි 30 වැනිදායින් පසු තම ප්‍රදේශයේ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
එසේම, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලකුණු කිරීම සඳහා සුළැඟිල්ල භාවිතා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
