වැඩිහිටි දිනය දවසෙම වැඩිහිටියන්ට සුබ ආරංචියක් - එනකල් බලා සිටි මේ දීමනාව අද සිට බැංකුවට

Report

2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (01) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වැඩිහිටි දිනය යෙදී ඇති අද දිනම මෙවර ඔවුන්ට දීමනාව ලැබීම විශේෂත්වයක් වේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර ඇති බව සඳහන්.

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

එසේම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර ඇත.

ඒ අනුව අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,479.07ක මුදලක් ගෙවීමට නියමිතව ඇත.

එම ප්‍රතිලාභීන්ට අද (01) දින සිට සිය වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් මඟින් ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.   

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මේ ලග්න හිමියන් අතගහන හැම දේටම හිතා ගන්න බැරි තරමට සුබයි - උසස්වීම්, වැටුප් වර්ධක එක්ක සතුටු ආරංචිත් රැසක්

අද මේ ලග්න හිමියන් අතගහන හැම දේටම හිතා ගන්න බැරි තරමට සුබයි - උසස්වීම්, වැටුප් වර්ධක එක්ක සතුටු ආරංචිත් රැසක්