ඊජිප්තුවේ දකුණු සිනායි හිදී දරුණු බස් රථ අනතුරක් -16 දෙනෙකු ජීවිතක්ෂයට 28 දෙනෙකුට තුවාල

Report

ඊජිප්තුවේ දකුණු සිනායි පළාතේදී මගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද සිදුවූ මෙම අනතුර දහාබ්-නුවෙයිබා මාර්ගයේ, අල්-සාඩා ප්‍රදේශයට ආසන්නව නුවෙයිබා දෙසට ගමන් කරමින් තිබියදී සිදුව ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව ගිලන්රථ 20ක් කඩිනමින් අනතුර සිදුවූ ස්ථානය වෙත යොමු කළ බව අමාත්‍යාංශ ප්‍රකාශක හොසාම් අබ්දෙල් ගෆාර් මහතා පැවසීය.

ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට

ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට

තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර, මූලික තොරතුරුවලට අනුව පුද්ගලයන් 16 දෙනෙකු අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාලකරුවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීම සඳහා වෛද්‍ය පහසුකම් සූදානම් කර තබන ලෙසත්, ප්‍රමාණවත් ඖෂධ හා වෛද්‍ය සැපයුම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය කලීඩ් අබ්දෙල් ගෆාර් මහතා උපදෙස් ලබාදී ඇත.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය කණ්ඩායම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.