අද සිට සුදු බිත්තර සහ රතු බිත්තරවල මිල ගණන් ඉහළ යයි - වෙනස් වූ මිල ගණන් මෙන්න
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ අද (20) සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
මේ බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ඊයේ (19) දින කුලියාපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා. එසේම ඔහු පැවසුවේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුව වගකිව යුතු බවයි.
තවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් නොවන බවයි.
ලොවම තුෂ්නම්භූත කළ ඓතිහාසික ජයක් සමඟින් FIFA අවසන් ප්‍රතිඵලය මෙන්න - වසර 16ට පසු ස්පාඤ්ඤය ලෝකෙම හොල්ලද්දි ලයනල් මෙසී කඳුළු සලයි
එමෙන්මස් ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක භාවිත කිරීම නිසා සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර නිෂ්පාදනය 20%ත් 30%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් ඔහු පැවසුවා.
එසේම ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම නිසා සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවටද සංගමයේ සභාපතිවරයා චෝදනා කර සිටියා.
එබැවින් ගොවීන්ට දැඩි පාඩු සිදුව ඇති අතර, දෛනික බිත්තර නිෂ්පාදනයද සැලකිය යුතු ආකාරයට පහත වැටී ඇති බව ද සරත් රත්නායක මහතා සඳහන් කළා.
එමෙන්ම අදාළ බලධාරීන් මෙම ගැටලු පිළිබඳව දැනුවත්ව සිටියද, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.