බිත්තර රුපියල් 35ත් අඩුවෙන්. - එය අඩු වන ප්‍රමණය ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්.
By Wayomi
පසුගිය දිනවල රුපියල් 60ක මිලකට ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු වී ඇති බව වෙළඳ අමත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පාර්ලිමේන්තුවේදී ඊයේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ, අනුව ඔහු එහිදී සඳහන් කළේ, අද වන විට තවත් රුපියල් දෙකකින් බිත්තර මිල අඩු වනු ඇති බවයි.
මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මේ වන විට දෛනික බිත්තර පරිභෝජනය මිලියන තුන ඉක්මවා ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.