ජනපති ලේකම් ආරක්ෂක ලේකම් ඇතුළු පොලිස්පතිව හදිසියේම මානව හිමිකම් කොමිසමට කැඳවයි..!හේතුව මෙන්න..

Report

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුවට දැනුම් දී තිබේ.

ඒ අනුව එළඹෙන සඳුදා දිනයේදී ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන්ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

එම කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ ආණ්ඩුවට එරෙහිව දැනට සිදුකෙරෙන විරෝධතා සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් රාජකාරී සීමාව තුළ මැඩපැවැත්විය හැකි තත්ත්වයක පවතින බවය.

එවැනි තත්ත්වයක් තුළ හදිසි නීතිය පැනවිම ගැටලු සහගත බව ද එම කොමිසම පවසයි. රජයට එරෙහි විරෝධතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඇතැම් පිරිස් ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව ද මානව හිමිකම් කොමිසම හමුවේ අදහස් දක්වන ලෙස එම කොමිෂන් සභාව දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now