ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් අලුත්ම තීරණයක්

Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Nov 27, 2022 02:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල සඳහා ලබාදුන් සහනය මේ වන විට ක්‍රියාත්මක බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, එම සහනය විදුලි බිලට ඇතුළත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවය.

ඒ අනුව සියලුම විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන සඳහා අගොස්තු මාසයේ සිට ආදාළ සහනය ක්‍රියාත්මක කිරීමට නියමිතය. කිසිදු ආගමික ස්ථානයක් නම්කර සහන ලබා නොදෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් ක්‍රමවේදයට අනුව එම සහනය ක්‍රමානුකුලව සියලු ආගමික ස්ථාන වෙත හිමිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර හෙට (28) සහ අනිද්දා (29) යන දින දෙක තුළ පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now