ප්‍රබල භූමිකම්පාවක්..!
By Sewvandhi
දකුණු ඇමරිකාවේ කොලොම්බියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා
රිච්ටර් මාපකාංක ඒකක 6.3ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාවෙන් එහි ගොඩනැගිලි දෙදරා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බොගෝටා අගනුවරට කිලෝමීටර් 100ක් පමණ ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
උස් ගොඩනැගිලිවල ජීවත්වන ජනතාව තම නිවෙස් අතහැර වීදිවල රැකවරණය ලබන අයුරු දැකගත හැකි වූ බවයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදු ව නැහැ.