අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්..14 වන දා සිට කරන්න යන දේ මෙන්න..

Ministry of Education National Institute of Education G.C.E. (O/L) Examination Education
By Aruna Jun 12, 2024 06:56 AM GMT
Aruna

Aruna

Report

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ දීමනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.

අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..


අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ සඳහා පත්කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිත අතර එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිත බවයි.

මේ අතර, අද (12) දහවල් 1.00න් පසු සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, අද දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු - විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවයි, ඔහු සඳහන් කළේ.

පාසල් සිසුන්ට සුභ ආරංචියක්.. මාසයකට රු .6000 බැගින් දෙන්න යයි..

පාසල් සිසුන්ට සුභ ආරංචියක්.. මාසයකට රු .6000 බැගින් දෙන්න යයි..


ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජෝසප් ස්ටාලින් මහතා,

"දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ.

අද සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1.00න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ.

අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු - විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක."

කෙසේවෙතත් ඇතැම් පිරිස සමාජ මාධ්‍යයේ අද සහ ලබන 26 වන දින පාසල් වැසෙන බවට ප්‍රචාරයන් පලවනු දකින්නට ලැබේ.

නමුත් අද දිනයේ සුපුරුදු පරිදි දිවයින පුරා සියලු පාසල් පැවැත්වේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%