අනේ අම්මපා මෙහෙමත් හොරෙක්..බලන්නකෝ කරලා තියන දේ ...

By Piyumika Dec 23, 2024 06:12 AM GMT
Report

බෙන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තිබී පසුගිය 18 වනදා සොරාගෙන ගොස් තිබූ ECG යන්ත්‍රය රෝහලට ඇතුළුවන දොරටුව අසල ගෙනවිත් දමා තිබිය දී ඊයේ (22) සොයාගෙන තිබෙනවා.

එළඹෙන පළාත් පාලන ඡන්දෙට පොහොට්ටුව විශේෂ තීරණයක් ගනී..පොහොට්ටුවෙන් පැනපු අය ගැනත් සාකච්චාවක්..

එළඹෙන පළාත් පාලන ඡන්දෙට පොහොට්ටුව විශේෂ තීරණයක් ගනී..පොහොට්ටුවෙන් පැනපු අය ගැනත් සාකච්චාවක්..

පොලිස්තින් දවටනයක ඔතා පාර්සලයක් ලෙස සකසා මෙම ECG යන්ත්‍රය යළි ගෙනවිත් දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව රෝහලෙන් අතුරුදහන් වී තිබූ ශරීරගත ඔක්සිජන් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ද එම පාර්සලය තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මේ අතර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ ඇඟිලි සලකුණුු අංශයේ නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවකයින්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ ද සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිලින්ඩරයෙන් බෑ ..මේ පාර ජයග්‍රහණය කරන්න කියල කට්ටියක් සිලින්ඩරෙ දාලා පුටුවෙන් ඉල්ලයි..

සිලින්ඩරයෙන් බෑ ..මේ පාර ජයග්‍රහණය කරන්න කියල කට්ටියක් සිලින්ඩරෙ දාලා පුටුවෙන් ඉල්ලයි..

ඉකුත් 18 දින රාත්‍රියේ කිසිවෙක් විසින් රෝහලේ ECG යන්ත්‍රය සොරාගෙන ගොස් ඇති බවටරෝහලේ හදිසි ප්‍රතිකාර අංශය භාර හෙද නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව පොලිස් විමර්ශන ආරම්භකර තිබියදීයි මෙලෙස යළිත් ECG යන්ත්‍රය රෝහල අසළට ගෙනවිත් දමා ඇත්තේ

You may like this video