පළාත් සභා ඡන්දය පවත්වන්න හදිසි පියවරක් - මැතිවරණ කොමිසම අද පාර්ලිමේන්තුවට කැඳවයි

Report

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, හෙට දිනයේදි විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බවයි.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත්කෙරැණු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්විය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද විශේෂ කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධා පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එහිදි කාරක සභාව උපදෙස් දුන්නේය.

ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු

ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු

නිරිත දිග මෝසම ලංකාවටම කඩා වදියි - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම ලංකාවටම කඩා වදියි - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?