බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී ඇත. එමෙන්ම තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වූ බවයි.
අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.