පාස්කු ඉරිදාව හෙටයි

By Hashini Apr 19, 2025 04:39 PM GMT
Report

කිතුනුවන්ගේ ශුද්ධ වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදාව හෙටට දී තිබෙනවා.

ඔවුන් බැතියෙන් සිහිපත් කරන ශුද්ධ වූ සතියේ සෙනසුරාදා දිනය වන ආලේලුයියා සෙනසුරාදා දිනය අදයි.

ජේසුස් වහන්සේගේ දේහය සොහොන් ගෙයි තැන්පත් කර තිබු අවස්ථා සිහිපත් කරන අතර ශෝකයේ සහ අපේක්ෂාවේ දිනයක් ලෙස මෙය කතෝලිකයින් හඳුන්වන්නේ.

කොරියානු භාෂා පරීක්ෂණයේ දින වෙනස් වෙයි

කොරියානු භාෂා පරීක්ෂණයේ දින වෙනස් වෙයි

අද සන්ධ්‍යාවේ සිට අලුයම දක්වාම කිතුනුවන් දේව මෙහෙයන් සිදුකරන අතර අන්ධකාරය දුරු කරමින් පාස්කු පහන් දල්වා ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ ආලෝකය සංකේතවත් කරනවා.

ලෝකවාසී කිතුනුවන් උත්සවශ්‍රීයෙන් මෙය සැමරුවත් මෙරට කිතුනුවන්ට පාස්කු ඉරිදා අමිහිරි අත්දැකීම් සමුදායක් තිබෙනවා.

2019 වසරේ පාස්කු ඉරිදා දින මෙරට ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් අමිහිරි අත්දැකීම් එකතු වූ දිනයක්.

පොලිසිය පැවසුවේ හෙට දිනයේත් දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

මේ සඳහා පොලිස් නිලධාරින් , විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් රාජකාරියේ දීමට ක‍ටයුතු කර තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෝ 07ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෝ 07ක් අත්අඩංගුවට