පාස්කු සිද්ධියට අදාළව මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපති ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ්
වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනය පිළිබඳ පරික්ෂණ නොමග යැවීමට කුමන්ත්‍රණය කළ බවට වන චෝදනා යටතේ රඳවාගෙන සිටි මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ඇතුළු දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත ඇත.
පාස්කු ප්‍රහාරයට පෙර වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ නොමග යැවීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත මොවුන් රඳවාගෙන සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.
මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ සහ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපවරයා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ කැදවා තිබුණි
මෙහි තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධ සේවය හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා නම් කර තිබේ.