භූමි කම්පනයක් පිළිබඳව ලෝකයම සලිත කළ අනාවැකිය

Earthquake Turkey Earthquake
By Sithumi Mar 02, 2023 12:59 PM GMT
Sithumi

Sithumi

Report

ලෝකයම කම්පා කරවූ තුර්කි සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකළ භූ විද්‍යාඥයා කළ නවතම අනතුරු ඇඟවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තුර්කි-සිරියා භූ කම්පනය හේතුවෙන් 50,000ට වැඩි පිරිසකට දිවි අහිමිවුණා. මෙලෙස තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික Frank Hoogerbeets විසින් අතර ඔහු සිය අනතුරු ඇඟවීම නිකුත් කරමින් පවසා ඇත්තේ මාර්තු මාසයේ පළමු සතිය තුළදී ලෝකයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවිය හැකි බවයි.

අදාළ අනතුරු ඇඟවීම හරහා ඔහු විසින් භූ කම්පනය සිදුවිය හැකි වේලාවක් හෝ ස්ථානයක් පිලිබඳව නිශ්චිත සඳහනක් කර නැහැ.

එසේම මෙලෙස ඇතිවිය හැකි භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 7-8 හෝ ඊට වඩා වැඩි අගයක් ගනු ඇති බවද ඔහු විසින් අනාවැකි පළකර තිබෙනවා සිය යූ ටියුබ් නාලිකාව හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් භූ විද්‍යාඥ Frank Hoogerbeets පවසන්නේ තමන් මෙලෙස අනතුරු ඇඟවීම සිදුකිරීම අරමුණ ජනතාව බියට පත්කිරීම නොවන බවත් අනතුරකට පෙර ගතහැකි ආරක්‍ෂිත පියවර ගැනීමයි.  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now