ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 23,700 ඉක්මවයි - සුන්බුන් අතරින් දින 10ක බිළිඳෙකු මවත් සමගින් බේරා ගනියි..

By krishani Feb 11, 2023 02:14 AM GMT
Report

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 23,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවමත් සුන්බුන් තුළ සිර වූ පිරිස් ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මකයි.ඊයේ (10) දිනයේ දී සුන්බුන් අතර සිරවී සිටි දින 10 ක් වයසැති බිළිඳෙකු සහ ඔහුගේ මව බේරා ගැනීමට සමත් විය.

කෙසේවෙතත් පවතින දැඩි ශීත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව නිවාස අහිමි වීම සහ ආහාර හිඟයට මුහුණ දීම වැනි ප්‍රශ්නවලින් දැඩි ලෙස පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join