සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්
By Kaushi
නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් ක් පමණ ඊසාන දෙසින් භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව යුරෝපීය - මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එරට වේලාවෙන් (12) වන දින රාත්‍රී 11:31 ට පමණ රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් ඇති වූ බවයි.
එසේම එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇත.
එමෙන්ම මෙම භූ කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර සුනාමි තත්ත්වයක් පිළිබඳව ද අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.