වෙරළට කිලෝමීටර 40ක් දුරින් ප්‍රබල භූමිකම්පා දෙකක්..සුනාමි අනතුරු අගවයි?..

By Aruna Nov 11, 2024 01:48 AM GMT
Report

ප්‍රබල භූමිකම්පා දෙකක් ඊයේ (10) රාත්‍රියේදී කියුබාවට ඇතිව තිබෙන බව වාර්තා වනවා.

රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූමිකම්පාව ඇතිවී පැයකට පමණ පසුවයි රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූමිකම්පාව හටගෙන ඇත්තේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම් මාසෝ වෙරළට කිලෝමීටර 40ක් පමණ ඔබ්බෙන් මෙම භූමිකම්පා දෙක හටගෙන තිබෙන බවටයි.

කෙසේනමුත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත්, ක්ෂණික මරණ කිසිවක් වාර්තා වී නොමැති බවත්, එරට බලධාරීන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.