අමෙරිකාවේ ප්‍රබල භූමිකම්පාවක්..

By Aruna Aug 21, 2023 04:21 AM GMT
Report

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් බවයි සඳහන් වෙන්නේ.

දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ප්‍රදේශ රැසකට දැනී ඇති අතර ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.