Visa නිකුත් කිරීම ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න..
E-Visa නිකුත් කිරීමේ ක්‍රමවේදය නව වැඩපිළිවෙළක් යටතේ මාර්තු මස 1 වනදා සිට ක්‍රියාත්මක කිරිම සිදු කරයි.
ඒ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ ය.
මේ හරහා රටවල් 145 කට වීසා නිකුත් කිරීමේ කටයුතු ඔන්ලයින් හරහා සිදු කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
මේ අතර, ඔන්ලයින් රැකියා ක්ෂේත්‍රයේ සිටින විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාව නව “NOMAD” වීසා බලපත්‍රයක් හඳුන්වා දී ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලුක්පිටිය මහතා කියා සිටියේ නව වීසා බලපත්‍රය මගින් අන්තර්ජාලය ඔස්සේ රැකියා කරන අයට ශ්‍රී ලංකාවේ සිට රැකියා කිරීමට අවස්ථාව ලැබෙන බවයි.
කෙසේ වෙතත්, විදේශිකයන්ට ලබා දී ඇති අනෙකුත් වීසා බලපත්‍රවල වෙනස්කම් සිදු කර ඇති බව ද ඔහු පැවසීය.
Sponsored By Sarrita Jewellery