E-Passport ලබාදීම ගැන අලුත්ම ආරංචිය..
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බවයි.
නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බවය.
ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,E-විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවත් මාස 8කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ සමාගම් සමග ගිවිසුම් ගතවීමද මේ වනවිට සිදුව ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළේ, මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ක්‍රියාත්ම වෙයි. ඊට අදාළව නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතුද සුදානම් කර ඇති බවය.
මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, යෝජිත පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළව ආගමන විගමන නිලධාරීන් 186 දෙනෙකු බඳවාගැනීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළ විභාගය පැවැත්වීම වෙනුවෙන් දිනයක් ලබාදෙන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කර ඇති අතර එම දිනය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කිරීමට කටයුතු කරන බවය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහා තාවකාලික පදනම යටතේ සහකාර පාලකවරු 14 දෙනෙකු බඳවාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමුකළ නාමලේඛනයට අනුමැතිය ලැබුණු යෝජිත පැය 24 පුරා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
You may like this vdeo 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)