ඇයි මහාචාර්යතුමාලාට විතරද මේ රටේ රොල්ස් රොයිස් ගේන්න පුළුවන්? ඔහෙලා වගේ ඩීල් දාලා..ගෙන්නපුවා නෙවෙයි - ඩඩ්ලියි ජී.එලුයි ජාත්‍යන්තරේ වලියක්
ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා රෝල්ස් රොයිස් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමත්, ඩොලර් මිල ඉහළ යෑමට හේතුවක් වූ බවට මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, ඉතාලියේ පැවති නිදහස් උත්සවයේ දී, සිදු කළ බව කියන ප්‍රකාශයට එම උත්සවයට සහභාගී වූ ඩඩ්ලි සිරිසේන මහතා ඒ මොහොතේම මහාචාර්ය ජී. එල් පීරිස් මහතාට ප්‍රතිචාර දක්වා තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් අඳාළ නිදහස් උත්සවයට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සේම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඉකුත් 02 වෙනිදා ඉතාලි තානාපති කාර්යාලයෙන් ඉතාලි නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම උත්සවයකට සහභාගි වී සිටියදී මෙම සංවාදය ඇති වී තිබෙන බව පවසයි.
අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න
එම අවස්ථාවේදී ජි.එල් පීරිස් මහතා ලංකාවේ බදු බර වැඩිවීම හා ඩොලර් මිල ඉහළ යෑමට හේතුවක් වශයෙන් ඩඩ්ලි සිරිසේනගේ රෝල්ස් රෝයි රථයත් හේතුවක් වී ඇති බව පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර සිදුවන්නට ගිය ගුටි බැට හුවමාරුවක් ද වළකා ගැනීමට එම අවස්ථාවට සහභාගි වූ පිරිස් කටයුතු කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
මහා භාණ්ඩාගාරෙ ඩො.මි. 2.5 සොරකම ගැන වාර්තාව මගේ නිවසට එවලා පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියලා - හර්ෂ
එහිදී ඩඩ්ලි සිරිසේන මහතා විසින්, ආ මහාචාර්යතුමා, ඔයාලට විතරද රොල්ස් රොයිස් පදින්න හොඳ? ඇයි දුප්පත් අපිට රොල්ස් රොයිස් පදින්න හොඳ නැද්ද?“මොකද..මොකද තමයි, ඔබතුමා මොකක්ද අර කියලා තියෙන රෙද්දෙ කතාව? ඔහෙලා වගේ අපි මේවා මේ එක එකා එක්ක ඩීල් දාලා, කොමිස් ගහලා ගත්තුවාවත්, පර්මිට්වලට ගෙන්නපුවාවත් නෙවෙයි. දුක් මහන්සියෙන් බිස්නස් කරලා, රෑ දවල් නැතුව හම්බ කරලා, රජයට ගෙවන්න ඕන ඔක්කොම බදුත් ගෙවලා හරි පාරෙන් ගෙන්නපුවා. ඇයි මහාචාර්යතුමාලාට විතරද මේ රටේ රොල්ස් රොයිස් ගේන්න පුළුවන්? ඔහේලා පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙත් රොල්ස් රොයිස්වල. ඒ කාලෙ කෑම ගේන්න ගියෙත් රොල්ස් රොයිස්වල කියල මම නොදන්නවා නෙමෙයි. දුප්පත් පවුල්වල අපි හම්බකරලා මේ වගේ එකක් ගෙනාවාම තමයි ඔහේලා ඔක්කොටම අමාරුව. පුදුම ඉරිසියාවක්නෙ මේක.” යනුවෙන් මහා සද්දෙන් ප්‍රකාශ කොට ඇති බව සඳහන්.
මෙම ගැටුමේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතිකාව ගොඩ නැගී ඇත්තේ වර්තමානයේ රටේ ආර්ථිකය සමඟ එදා වේල කෑම පවා අර්බුදයක් වී ඇති පසුබිමක රටේ ප්‍රබල පාර්ශවයන් රෝල්ස් රොයිස් රථයකට ගහ මරා ගැනීමට යාම විහිළුවක් බවටයි.