නගරේ මැද තරුණයන් දෙදෙනෙක් යට කර පලා යයි - සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට

Report

තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැගව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා අද (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලීසිය වාර්තා කළා.

අද අලුයම 12:30 ට පමණ තරුණයන් දෙදෙනෙකු තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී නගර මධ්‍යයෙන් අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයකින් මෙම තරුණයන් දෙදෙනා යට කර පලා ගොස් තිබෙනවා.

ඒ අනුව සැකකාර රියදුරා තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතුයායේ නිවසේ සැඟව සිටියදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාතට පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

දකුණු පළාතට පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

මෙම අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බරපතළ තුවල සහිතව ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාරවලට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර අඳාළ සැකකාර රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවට වාර්තා වේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය මඟින් වැඩිදුර පරික්ෂණ පවත්වන බව සඳහන්.

ඉෂාරට තක්ෂිව හමුවුණු විදිහ හෙළි වේ - තක්ෂිවත් රවට්ටලා

ඉෂාරට තක්ෂිව හමුවුණු විදිහ හෙළි වේ - තක්ෂිවත් රවට්ටලා

සමගිය ඇතුළේ ලොකු වලියක් - නම් කැපුවට කේස් දාන් පා. මන්ත්‍රීවරු වැඩ අතාරීයි

සමගිය ඇතුළේ ලොකු වලියක් - නම් කැපුවට කේස් දාන් පා. මන්ත්‍රීවරු වැඩ අතාරීයි