පාසල් සිසුවියන් දරුණු අනතුරක - දෙමව්පියන් වහාම දැනුවත් වෙන්න

Report

කළුතර දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර පාසල්වල ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්

මේ අතර, එම ජාත්‍යන්තර පාසල්වල ශිෂ්‍යාවන් බලහත්කාරයෙන් නුසුදුසු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුවෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු නිකුත් කරමින් සිටින ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.