රුසියානු තරුණිය බේරගන්න මුහුදට පැන්න මෙරට තරුණයාට සිදුවූ දේ..

Report

කළුතර උතුර - වස්කඩුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අනතුරට ලක්වූ රුසියානු ජාතික යුවළක් මුදා ගැනීමට ගිය ජීවිතාරක්ෂක නිලධාරියකු දියේ ගිලී මිය ගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (23) පස්වරුවේ මුහුදේ දිය නෑමට ගොස් අනතුරට පත්වූ රුසියානු ජාතික කාන්තාව උපකාර ඉල්ලා කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී මෙම ජීවිතාරක්ෂක නිලධාරියා ඔවුන් බේරා ගැනීමට මුහුදට පැන ඇති බවයි.

පසුව ඔහු රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ හෝටල් සේවකයන් දෙදෙනෙකු ද මුහුදට පැන ඇති අතර ඔවුන් ද මුහුදේ ගසා ගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, පසුව ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් එම දෙදෙනා සහ රුසියානු ජාතික යුවළ බේරාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මුහුදේ ගිලුනු ජීවිතාරක්ෂක නිලධාරියා බේරාගැනීමට නොහැකි වී ඇති අතර, ඔහු කළුතර උතුර සුමංගල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.