ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනපතිට සහ වසන්තට කටඋත්තර නැතිවෙන්නම කාංචන පාඩමක් කියා දෙයි.(VIDEO)

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Fuel Price In World AKD
By Aruna Nov 08, 2024 04:31 AM GMT
Aruna

Aruna

Report

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක  ඊයේ පැවති ‘දේශපාලන’ වැඩසටහනකදී උණුසුම් වාද විවාද කිහිපයක්ම ඉන්ධන මිල සම්බන්ධයෙන් ඇති වුණා.

ඒ අනුව, ආණ්ඩු පාර්ශවයෙන් සංවාදයට පැමිණ සිටි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සහ හිටපු බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අතර එක් උණුසුම් සංවාදයක් ඇති වූයේ ඉන්ධන මිල සූත‍්‍රය හා මෙරට ඉන්ධන අලෙවිකරන සමාගම් සමග ඇති ගිවිසුම් සම්බන්ධයෙන්.

එහිදී සමාගමක් රජයට අලාභ ඉල්ලා ලිපියක් එවා ඇතැයි ජනාධිපතිවරයා විසින් පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කංචන විජේසේකර මහතා කියා සිටියේ එය රාජ්‍ය පාලනය අනවබෝධය මත සිදු කරන ලද ප්‍රකාශයක් බවත් එවන් ලිපි ඕනෑ තරම් තම ආණ්ඩුව යටතේත් ඊට පෙර ආණ්ඩුවලටත් ලැබී ඇති බවයි.

නමුත් ඔහු පෙන්වා දුන්නේ, ඒ කිසිවෙකු එම සමාගම් වලට අලාභ ගෙවා නැති බවත් මෙවර පැමිණ ඇති ලිපියට ද නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අදාළ නීත්‍යානුකූල කටයුතු කළ හැකි බවයි.

කිසියම් සමාගමකට අලාභ ගෙවීමට රජය බැඳී සිටින්නේ ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය හා ඉන්ධන මිල සූත්‍රය අනුව නියම කරන මිලට වඩා අඩු මිලකට සහනාධාරයක් යටතේ රජය විසින් අඩු මිලකට ඉන්ධන නිකුත් කරන්නේ නම් පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව පෙර පැවසූ පරිදි වර්තමානයේදී ඉන්ධන බදු සියල්ල ඉවත් කිරීමට රජයට හැකි බවත් කිසිදි සමාගමකට අලාභ ගෙවීමක් සිදු නොවන බවත් ඔහු අවධාරණය කර සිටියා.

මීට අදාල මෙම වැඩසටහන පහතින් නරඹන්න👇


ReeCha