රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් තීරණයක්..
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ”ඊ – මෝටරින් ව්‍යාපෘතිය” යටතේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු සියළු කටයුතු ඉදිරියේ දී ඩිජිටල්කරණය කිරිමට නියමිතයි.
ඒ බව ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටියේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.
එමෙන්ම මෙට්‍රොපොලිටන් ආයතනය සමග තිබූ ගිවිසුම අවලංගු වී තිබූ කාල සීමාවේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ බලය ලබා දුනී.
එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ඊ- මෝටරින් වැඩසටහනත් ලබා දී ඇත්තේ ද මෙට්‍රෝපොලිටන් ආයතනයටයි.
ඒ ටෙන්ඩර් පටිපාටියට අනුවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අලුත් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සහ ඊ මෝටරින් ව්‍යාපෘතිය යන සියල්ලම එක තැනකින් සිදු විය යුතු බැවින් මේ සියල්ල එකම ආයතනයකට ලබා දීමට කටයුතු කළ බවයි.
