අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පෙරවීම ගැන ඇහෙන අලුත්ම කතාව..
ඉකුත් ඉල්පුර පසළොස්වක පොහෝ දා අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය විය.
එම ක්‍රියාවට මුල් වූ ලියෝ අමරානන්ද සඳහන් කර සිටියේ එයට සමාව අයැද සිටින බවයි.
මින් පෙර ඔහු සඳහන් කර සිටියේ, එය සිදුකළේ අවුකන පිළිම වහන්සේ ලෝකයට ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් මෙය සිදු කළ බවයි.
මොහු ඇතුළු පිරිසක් ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා විද්වතුන් ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය පළ විය.
එමෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ද සිදු කෙරිණ.