මරණය විකුණන් කන්න එපා - බිමල්ගෙන් සැර ප්‍රකාශයක්

Report

 රට තුල ප්‍රබල ආන්දෝලනාත්මක තත්ත්වයක් වූ කොටහේනේ පාසල් සිසුවියගේ පුවත සියලු දෙනාගේ කතා බහට ලක්ව ඇත.

මේ සම්බන්දයෙන් අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න යොමු කල අවස්ථාවේ ආණ්ඩුව හා විපක්ෂය අතර උණුසුම් විය. මේ තත්වය හමුවේ කරුණු ඉදිරිපත් කල මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වූ අතර, ඉන්පසු රෝහිනී කුමාරි මන්ත්‍රීවරිය විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ඉල්ලීමත් සමග ආණ්ඩුවෙන් එයට දැඩි ‍විරෝධයක් එල්ල වුණා.

ජනපතිගෙන් නව පාප් වහන්සේට සුබ පැතුම්

ජනපතිගෙන් නව පාප් වහන්සේට සුබ පැතුම්

එහිදී සිය විරෝධය මතු කරමින් අදහස් දැක්වූ සභා නායක බිමල් රත්නායක සඳහන් ‍කළේ, මෙම සිදුවිම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අදහස් දැක්වූ බවත්, විපක්ෂය සිදු කිරිමට යන දේ තමන් හොඳින් දන්නා බවත්, තමන්ටත් සාධාරණ අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

සරසවි ප්‍රවේශ අයදුම්පත් භාර ගැනීම අද සිට

සරසවි ප්‍රවේශ අයදුම්පත් භාර ගැනීම අද සිට

විපක්ෂය සිදු කිරීමට යන්නේ දරුවාගේ මරණය විකුණාගෙන කෑම බවත්, ඒ සඳහා ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙම දරුවගේ ප්‍රශ්නය විකාරයක් කර නොගන්නා ලෙස සහ දේශපාලන වේදිකාවක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, මේ සඳහා අදාළ අමාත්‍යවරිය පිළිතුරු ලබාදී ඇති බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.