ජීවිතේ මේ වගේ හිතවත්කම් අත්හරින්නනම් එපා
ජීවිතේ ඔයාට ඉන්න ඕනෙ මෙහෙම මිනිස්සු . ඔයා ගැන හිතන. ඔයාම නිතරම ධෛර්වත් කරන .නිරන්තරයෙන් ඔයාගේ වැරදි පෙන්නල දීලා ඔයාව ඉස්සරහට අරන් යන්න පුළුවන් මිනිස්සු .
ඔයාට හදවතින් ආදරේ අය . ඉතිං එහෙම මිනිස්සු ඉන්නවනම් පරිස්සම් කරගන්න එක ඔයාගේ වගකීමක් වෙනවා. පැය කීපයක් ඔන්ලයින් නැතිවෙද්දි කෙනෙක් ඔයාව හොයන කෙනෙක් නම් .
ඒ වගේම ඔයා ගැන නිතර වද වෙන ගමන් ඔයා කොහේ ගියත් දුරින් ඉඳන් හරි ඔයාව පරිස්සම් කරනවා නම්. ඔව් ජීවිතේට ඕනෙ එහෙම මිනිස්සු. ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඔයා ආශ්‍රය කරනවනම් .
කොයි වෙලාවක වුනත් ඔයාව අහගෙන ඉන්න එයා ලෑස්ති අය ඔයා ළග ඉන්නවනම් ඔව් එහෙම අය පරිස්සම් කරගන්න . හරිම අඩුයි ඒ වගේ අය.
ඒ කෙනා ඔයාගෙ හොඳම යාළුවා වුණත් හොඳම ආදරේ වුනත් පරිස්සම් කරගන්න එහෙම අය හරිම අඩුයි ජීවිතේ. ඒ වගේම එහෙම මිනිස්සු ඔයා වටේ ඉන්නවනම් ඔයා හරි වාසනාවන්තයි. මොකද ගොඩ දෙනෙකුට හම්බවෙන්නේ එහෙම අය නෙමේ

තමන්ගේ වාසියට විතරක් ළංවෙන මිනිස්සු ඉතිං ඔයාගෙ ජීවිතේ ඇත්තටම හදවතින්ම ඔයාට ආදරේ අය ඉන්නවනම් පරිස්සම් කර ගන්න ........ මට මතක් වෙන්නෙම එහෙම කිව්වම මිදොරිගේ ගීතයක්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් අාලවන්තකම්
ඉර කියන්නෙ අත්හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත්කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත්කම්....