ඩොලරය තවත් පහළට.

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.52ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.95 ක් ලෙස පහළ ගොස් ඇති බවයි පෙනී යන්නේ.

පසුගිය සිකුරාදා (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 291.87ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.29 ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්

මහජන බැංකුව - රු. 290.91 - රු. 300.75

අමානා බැංකුව - රු. 293.50 - රු.299.00

ලංකා බැංකුව - රු. 292.25 - රු. 300.25

කොමර්ෂල් බැංකුවේ - රු. 290.50 - රු. 299.75

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 291.00 - රු. 299.00

සෙලාන් බැංකුව - රු. 290.00 - රු. 300.50

ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.290.00 - රු. 302.00

එන්.ඩී.බී. (NDB) - රු. 289.50 - රු. 300.50    

...........................................................................