අධික ලිංගික ආශාව ඔබටත් තියේද? හේතුව දන්නවද?

Sri Lanka Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Akash May 29, 2025 01:26 PM GMT
Akash

Akash

Report

මෙම තත්ත්වය Sexual drive එසේත් නැත්නම් Libido ලෙසින් ද හැඳින්වේ. ලිංගික ආශාව යනු ලිංගික ක්‍රියාවලියේ යෙදීම සඳහා පුද්ගලයෙකුගේ ඇති කැමැත්තකි.

මෙය ස්වයං වින්දනය, විරුද්ධ ලිංගික සේවනය හා සම ලිංගික සේවනය ලෙස කොටස් කිහිපයකට වර්ග කළ හැකි වේ.

පාසල, විශ්ව විද්‍යාලය, රාජකාරි ස්ථානයේ මානසික පීඩනයක් ද? රජයේ අලුත් තීරණයක්

පාසල, විශ්ව විද්‍යාලය, රාජකාරි ස්ථානයේ මානසික පීඩනයක් ද? රජයේ අලුත් තීරණයක්

මෙහිදී බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ විරුද්ධ ලිංගික සේවනයයි. මීට සාපේක්ෂව සම ලිංගික මෙන්ම ස්වයං වින්දනය යන තත්ත්ව ද අඩු වැඩි වශයෙන් සමාජයේ දක්නට ලැබේ.

ලිංගික ආශාව යනු වැරදි හෝ නරක කාර්යයක් නොවේ. එය මිනිසාගේ අනෙකුත් අවශ්‍යතා හා සමානම තවත් එක් අවශ්‍යතාවකි.

මිනිසා අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙනස් වන්නේ යම් විනයක් ඇතිව මෙම ආශාව සන්තර්පනය කර ගැනීම නිසයි. නමුත් ලිංගික ආශාවේ සීමාව මෙතරම් යැයි ප්‍රකාශ කිරීම තරමක් අපහසු කරුණක්.

නමුත් එදිනෙදා ජීවිතයේදී යුවළක් අතර තිබෙන සම්බන්ධතාවක් පිළිබඳ සලකා බැලීමේදී අනෙක් පුද්ගලයාට කරදරයක් නොවන අයුරින් සම්බන්ධතාව පවත්වාගෙන යාම ඉතා වැදගත්.

මුහුද ගොඩ ගලයි…සුනාමියක් ද? ජනතාව බය වෙයි

මුහුද ගොඩ ගලයි…සුනාමියක් ද? ජනතාව බය වෙයි

යම් පුද්ගලයෙකුට අධික ලෙස ලිංගික ආශාව තිබෙනවා නම් තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ නිතර නිතර ලිංගිකව හැසිරෙනවා නම් (සහකරුවාට හෝ සහකාරියට කරදරයක් වන අයුරින්) යම් ගැටලුවක් ඇති බව ඉන් අදහස් වේ. ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බලපාන කරුණු මොනවා ද?

මෙය ප්‍රධාන කොටස් තුනක් යටතේ කතාබහ කළ හැකි වේ. ඒවා ජෛව විද්‍යාත්මක සාධක, පෞද්ගලික සාධක, සමාජමය හා ආගමික සාධක ලෙස වෙන්කර දැක්විය හැකියි. මේ යටතේ මූලිකව ජෛව විද්‍යාත්මක සාධක පිළිබඳ විමසා බලනවා නම් ලිංගික ආශාවට බලපාන හෝර්මෝන වර්ග කීපයක් හඳුනාගෙන තිබේ.

ඒ අතුරින් වැදගත්ම වන්නේ ටෙස්ටස්ටෙරෝන් නැමැති හෝර්මෝනයයි. මෙම හෝර්මෝන ප්‍රමාණය අධික වීමෙන් ලිංගික ආශාව සාමාන්‍ය මට්ටම ඉක්මවා යා හැකියි. ඒ වාගේම කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය අනුව ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් දැකගත හැකි වේ.

ස්වභාවිකවම කාන්තාවකගේ ලිංගික ආශාවේ උපරිමය වන්නේ ඩිම්බ මෝචන අවදියයි. ඒ වගේම අර්තවහරණයේදීත් සාමාන්‍යයෙන් ලිංගික ආශාවේ අඩුවක් දැකගත හැකි වේ. නමුත් සුළු පිරිසකගේ පමණක් ලිංගික ආශාව අධික විය හැකියි. දෙවැනි කරුණ වන්නේ පෞද්ගලික සාධක යන්නයි.

එහිදී අදාළ පුද්ගලයාගේ පවුල් ජීවිතයේ ගැටලු, මානසික ආතතිය, මානසික පසුබෑම හා කලකිරීම, මානසික අපහසුතා, දරුවන් හා සමීපතමයන්ගේ ගැටලු නිසා ලිංගික ආශාව සාමාන්‍යයෙන් අඩු වීමක් දක්නට ලැබේ.

නමුත් ඇතැම් අයගේ ඉහත කරුණු නිසාම ලිංගික අසහනය ඉහළ යාමක් ඇතිවිය හැකියි. තෙවන කරුණ වන්නේ සමාජමය හා ආගමික සාධකයි. මෙහිදී ඇතැම් සමාජ කණ්ඩායම් ලිංගික ක්‍රියාවලියට යම් යම් තහංචි බාධා පැනවිය හැකියි.

ඇතැම් විට ආගමික හා සමාජීය පසුබිම මඟින් පුද්ගලයෙකුගේ ලිංගික ආශාව පාලනය කරනු ලැබේ. මොළයේ ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව අධික ලිංගික ආශාවට හේතුවක් ද?

මොළයේ හට ගන්නා විවිධ ගැටලු රසායනික ආබාධ හා විවිධ රෝග තත්ත්ව නිසා පුද්ගලයා තුළ අධික ලිංගික ආශාව වර්ධනය විය හැකියි.

එහිදී මේනියාව (Mania) වැනි රෝග තත්ත්ව මූලිකව හඳුනාගත හැකි වේ. මෙහිදී ඇතිවන අසාමාන්‍ය ලිංගික ආශාව නිසා නාඳුනන අය සමඟ පවා ලිංගිකව සම්බන්ධතා පැවැත්විය හැකියි.

මෙම රෝග ලක්ෂණවලට අමතරව කථාව වැඩිවීම, ආවේගශීලී වීම, පාන්දර පවා අවදි වී අධික්‍රියාකාරි වීම, නින්ද නොයාම, අධික කෝපය, වෙනදාට වඩා ප්‍රාණවත් ස්වභාවයක් ශරීරයට දැනීම ආදී ලක්ෂණ දැකගත හැකියි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂටම පොදුවේ ඇතිවන තත්ත්වයකි.

මීට අමතරව ඩ්රනධථචදඪච නැමැති රෝග තත්ත්වයක් ද තිබෙන අතර එහිදී ද “මේනියා” තත්ත්වයේ ලක්ෂණ දැකගත හැකි වුවත් පෙර රෝග අවස්ථාවේදී තරම් දරුණු ලෙස එය දැකගත නොහැකි වේ. මෙය ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මෙම රෝගයේදී ලිංගික ආශාව අධික වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගික අපයෝජනයට ලක්වීම, සමාජ රෝග, අනියම් සම්බන්ධතා නිසා ඇතිවන පවුල් ප්‍රශ්න වැනි ගැටලු රාශියකට පුද්ගලයෙකුට මුහුණ දීමට සිදු වේ.

මේවා ඉතා පොදුවේ දැකගත හැකි තත්ත්වයන්ය. ඩිමෙන්ෂියා යනු ස්නායු සෛල ක්ෂය වීමේ රෝග තත්ත්වයකි. මෙය මානසික වික්ෂිප්තය ලෙසින් ද හඳුන්වනු ලැබේ.

මෙය සාමාන්‍යයෙන් වයස අවුරුදු 65න් පසුව දැකගත හැකි රෝගී තත්ත්වයකි. නමුත් ඊට පෙර වයස්වලදී ද මෙවැනි රෝගීන් දැකගත හැකි වේ.

මෙහිදී මොළයේ ඉදිරි මස්තිෂ්කයේ ස්නායු ක්ෂයවීම හා ස්නායුවලට හානිවීම නිසා තැන නොතැන බලා ලිංගික කටයුතුවල යෙදීම, අන් අය ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදීම, ලැජ්ජාවකින් තොරව කාන්තාවන් අතපත ගෑම හා ඔවුන්ට අනවශ්‍ය යෝජනා කිරීම වැනි චර්යාවන් මෙවැනි පුද්ගලයෙකුගෙන් දැකගත හැකි වේ. වයස්ගත පුද්ගලයෙකු මෙවැනි අසාමාන්‍ය හැසිරීමකින් යුතු වීම හෝ දැඩි ලිංගික ආශාවකින් පෙළෙයි නම් ඔහු හෝ ඇයට නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වේ.

ඒ වගේම හදිසි අනතුරු නිසා මොළයට සිදුවන අනතුරු වලින් පසුව ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික ආශාව ඉහළ යා හැකියි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේ ලිංගික කටයුතුවල යෙදීම ගැටලුකාරී වුවද මෙවැනි පුද්ගලයන්ගේ ලැජ්ජාව බිය නැති වී යයි.

ඔවුන් එවැනි අවස්ථාවකදී තැන නොතැන නොබලා ලිංගික කටයුතුවල යෙදිය හැකියි. තවද මන්ද මානසිකත්වයෙන් (Mental Retardation) පසුවන අයට මෙවැනි රෝගී අවස්ථාවන් ඇතිවිය හැකියි. මීට අමතරව කලාතුරකින් ඇතිවන රෝග අවස්ථාවන් ලෙස කාන්තාවන්ගේ අධික ලිංගික ආශාව රෝගයක් මට්ටමට වැඩි වෙමින් පවතිනවා නම් එය Nymphomania ලෙසින් හැඳින්වේ. පිරිමින්ගේ මෙම තත්ත්වය Satyriasis ලෙසින් හැඳින්වේ. මීට අමතරව ඇතැම් මත්ද්‍රව්‍ය නිසාද ලිංගික ආශාව අධික විය හැකියි. සමහර අවස්ථාවල මත්පැන් නිසාද ලිංගික ආශාව වර්ධනය විය හැකියි.

ඒ වගේම කාම ආශාවන් උද්දීපනය වන සමාජ වටපිටාවක් තිබෙනවා නම් ලිංගික කටයුතු පිළිබඳ එම සමාජය විවෘත මෙන්ම ලිහිල් ආකල්ප දරනවා නම් පවුලේ අයගේ ලිංගික හැසිරීම් නිතර දක්නට ලැබේ නම් අන්තර්ජාලය, චිත්‍රපට හා නිල් වීඩියෝ දර්ශන නිතර දකින්නට ලැබේ නම් හා සුදුසු කාලයේදී සුදුසු ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් අධික ලිංගික අශාවන්ට මඟපාදනු ලැබේ

ReeCha