මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Report

අද (1) නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතිය පැය දෙකකට පමණ කාලයක් බිඳ වැටී ඇත. මේ හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර කිරීම් සහ අනෙකුත් සේවා ලබාගැනීමට පැමිණි ජනතාවට අපහසුතාවට පත් වූ අතර මේ හේතුවෙන් සේවා කටයුතු රැසක් අඩාල වී ඇත.

නමුත් මේ වනවිට තාක්ෂණික දෝෂය නිරාකරණය කර ඇති බවත් ඉන් පසුව පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බවත් මේ වනවිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදු කෙරෙන බවත් තොරතුරු වාර්තා වේ.

රාජ්‍ය නිලධාරීන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ වැඩසටහනක් - ජූනි 2 සිට 4 දක්වා වෙන්න යන දේ මෙන්න

රාජ්‍ය නිලධාරීන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ වැඩසටහනක් - ජූනි 2 සිට 4 දක්වා වෙන්න යන දේ මෙන්න

මින් පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණ වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය හසුරුවන්නේ නිසි පරිගණක දැනුමක් නොමැති නිලධාරින් බවටයි.

ඒ, එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති කෝපා කමිටුව හමුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවූ අවස්ථාවේදීයි.    

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි