මෙරට දික්කසාද නඩු සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන නීති ආධාර කොමිෂන් හෙළිදරව්වක්.

Law and Society Trust Sri Lanka Divorce Domestic Violence
By Wayomi Mar 11, 2023 04:39 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් නීති ආධාර ඉල්ලා ඇත්තේ දික්කසාද නඩු, නඩත්තු නඩු සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා බව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති) නීතිඥ කෞශල්‍යා හපුආරච්චි කියා සිටියේ මෙවැන්නක්,

" ඉකුත් 2022 වසරේ දී පමණක් දික්කසාද නඩු 8431ක් සඳහා නීති ආධාර ලබා දී තිබෙනවා. දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන් සම්බන්ධව නඩත්තු නඩු හා ගෘහස්ථ හිංසන නඩු කටයුතුවලදී ඔවුන්ගේ ආදායම් වාර්තා කැඳවීමකින් තොරව නීති ආධාර ලබා දෙනවා. ජනගහනයට සාපේක්ෂව සැලකීමේ දී වැඩිම නඩත්තු නඩු සංඛ්‍යාවක් නැගෙනහිර පළාත තුළින් වාර්තා වෙනවා.

2011 වසරේ සිට 2021 වසර දක්වා වසර 10ක කාලය තුළ පුද්ගලයන් අනූ නව ලක්ෂ දහසය දහස් පන්සිය හතළිහකට (9916540) නීති ආධාර ලබාදී තිබෙනවා. ඉකුත් 2022 වසරේ දී පමණක් පුද්ගලයන් 169215ක් වෙනුවෙන් නීති උපදෙස් ද පුද්ගලයන් 49479 දෙනකු වෙනුවෙන් නඩු කටයුතුවලදී පෙනී සිට තිබෙනවා. " 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින් 



ReeCha