කෙහෙවලු පටලවාගත් නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හරී...

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

 එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදී, මෙම තීරණය ගෙන ඇත.

කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කෙහෙවලු පටලවාගත් නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හරී... | Dissolution Of Women S Front Of Sri Lanka Fp

මේ අතර අද(2) දින වරප්‍රසාද කමිටු නිර්දේශ මත, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර ට අද සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී හදිසි ඡන්දයක් පැවැත්වුණා.

මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද, විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණ අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ද විශේෂත්වයක්.

ඒ අනුව, යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය. මේ හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගනු ලැබීය.